ලෝකයේ රුපියලට හිමි තැන

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමගම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!