ID හදන්න බොරු තොරතුරු දීලා – සැකකරු හොයන්න පොලීසිය සහය ඉල්ලයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හා ලේඛන අස්ථාන ගතවීමක් සම්බන්ධව 2013.03.28 වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී පහත විස්තර සඳහන් පුද්ගලයා විසින් එම ව්‍යාජ ලේඛන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරපත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

ඊට අදාළ වැඩිදුර විස්තර පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!