පසුගිය අප්‍රේල් මාසයේ දී අමෙරිකාව ගාසා තීරයේ තාවකාලික පාවෙන ජැටියක් ඉදි කිරීමට ආරම්භ කළා.
ඒ අමෙරිකානු හමුදා සෙබළුන් සහ නාවිකයින් දහස් ගණනකගේ සහායෙන් සහ ඩොලර් මිලියන 320ක මුදලක් වැය කරමින්.
ගාසා තීරයට මානුෂීය ආධාර ප්‍රවාහනය කිරීමේ නව මාර්ගයක් විවර කරමින් මේ වන විට එම ජැටිය හරහා පළමු ආධාර තොගය ගාසා තීරය වෙත ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ අරමුණ බවට පත්ව ඇත්තේ දෛනිකව ආධාර ටොන් 500ක් ගාසා තීරය වෙත ප්‍රවාහනය කිරීමයි.
ගුවනින් හෝ මුහුදින් පළමුව සයිප්‍රස් වෙත ප්‍රවාහනය කරන ආධාර අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ පරීක්ෂාවෙන් පසුව ගාසා වෙරළට ආසන්න පාවෙන ජැටිය වෙත නැව්ගත කිරීම සිදු කරනවා.
දැනට දෛනික ආධාර රැගත් ට්‍රක් රථ 90ක් පමණ මෙම පාවෙන ජැටිය හරහා ප්‍රවාහන කළ හැකි අතර දෛනික ට්‍රක් රථ 150ක් පමණ යැවීමට සැලසුම් කර තිබෙනවා.
නමුත් ගාසාහි උද්ගතව ඇති මානුෂීය අර්බුදය පාලනයට නම් දෛනික ට්‍රක් රථ 500ක් පමණ අවශ්‍ය බව එක්සත් ජාතීන් අවධාරණය කරනවා.