අස්වැසුම දෙවන අදියර සඳහා තොරතුරු සංගණනය ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන  “අස්වැසුම”  වැඩසටහන සඳහා පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට  අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.