ඔස්ට්‍රෙලියාවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුවලකගේ සිරුරු හමු වෙයි

ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න්හි, වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙන බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ පෙරවරුවේ දී මෙම සිරුරු හමු වී තිබුණේ, වොරන්ඩයිට් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස ආසන්නයෙන්.

එම සිරුරුවලින් එක් සිරුරක් එම යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගනු ලැබුවා.

ඔවුන් වයස අවුරුදු 70-80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් යන අය බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මරණයට හේතුව දැනගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටිය යුතු බව පොලිසිය සඳහන් කළ බවයි එම පුවත් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25ක පමණ කාලයක් ජීවත්ව තිබුණු අතර, ඩොයින් කැස්ප්ර්ස්, ඔස්ට්‍රෙලියාවේ වාර්ගික ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බර්ගර් සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අයෙක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!