ජාතික රට හරහා දිවීමේ තරගාවලිය 16 වැනි දා

48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය මාර්තු මස සිට ජුලි මස වන තුරු පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව එහි රට හරහා දිවීමේ තරගය මාර්තු මස 16 වැනි දා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිත බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

රට හරහා දිවීමේ තරගයේ කාන්තා තරගය එදින පෙරවරු 8.30ට ආරම්භ වීමටත්, පිරිමි තරගය පෙරවරු 9.30ටත් ආරම්භ වීමටත් නියමිතයි.

තරගයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය එදින පෙරවරු 11.30ට පැවැත්වීමට නියමිත බවත් එම අමාත්‍යංශය පවසනවා.

මෙම තරගය සඳහා එක් පළාතක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගි වන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!