ආචාර්ය පදවිය හැලුණ හැටි දන්නේ නෑ – කතානායක කට අරී

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමන්ගේ නම ඉදිරියේ සටහන් කර තිබූ “ආචාර්ය” පදවිය ඉවත් කළ ආකාරය ගැන තමන් නොදන්නා බව කතානායක අශෝක රංවල ප්‍රකාශ කර සිටී.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ තමන්ගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සටහන් කිරීම හෝ එය ඉවත් කිරීම පිළිබද තමන් කිසිවක් නොදන්නා බව ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර තිබේ.

තමන් මේ ගැන නොදන්නා බවත්, බොහෝ දෙනා තමන්ගෙන් මේ ගැන විමසන බවත් ඔහු සදහන් කර ඇත. වෙබ් අඩවියට ආචාර්ය යනුවෙන් ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම ගැන තමන් නොදන්නා බව පැවසූ ඔහු ඒ ගැන සොයා බැලීමට වේලාවක් නොමැති බවද පවසා තිබේ. මීට වඩා තමන්ට කිරීමට රාජකාරී ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.