ඉන්දියාවට වෙළදපොල විවෘත කිරීමට සූදානම් – ජනාධිපති ඉන්දියාවට සහතික වෙයි

ඉන්දියාවට ලංකාවේ වෙළදපොළ විවෘත කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට සහතික වී තිබේ.

ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරය අතරවාරයේදී ඉන්දු ලංකා ව්‍යාපාරික හමුවට එක්වූ අතර ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

සංචාරක ව්‍යාපාරය ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කර ඇති ක්ෂේත්‍රයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය, සදහා වන ආයෝජන සදහා රට තුළ අවස්ථාව පවතින බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ. ඛනිජ සම්පත් කෙරෙහි ආයෝජන අවස්ථාවන් පවතින බවද ජනාධිපතිවරයා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාවට දැනුම්දී තිබේ.

ඉන්දීය වෙළද සහ කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍රයක් බවය. පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු වන බවද ඉන්දීය වෙළද සහ කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.