අලුත් ආණ්ඩුවේ තෙල් සභාපති පඩිය ඩබල් කරගෙන – වයිෆ්ටත් සීමා රහිත දිමනා

නව ආණ්ඩුව යටතේ පත්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරය සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා තමන්ගේ වැටුප් හා දීමනා දෙගුණ කරගෙන ඇති බවට ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ පහසුකම් කප්පාදු කිරීමට කටයුතු කරමින් තිබියදී නව සභාපතිවරයා, තමන්ගේ බිරිදට හා දරුවන්ට සීමාවකින් තොරව වෛද්‍ය පහසුකම් ලබාගැනීම සදහා අවස්ථාව ලබාගැනීම සදහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබේ.

ඔක්තෝබර් 10 වැනිදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙ නිකුත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව සභාපතිවරයාට සියලු දීමනා සහිතව රුපියල් හය ලක්ෂ විසි පන්දහසක වැටුපක් හිමිවේ. ඉතිහාසයේ පළමු වතාවට කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ වැටුපට වඩා සභාපතිවරයාගේ වැටුප වැඩිවූ පළමු අවස්ථාව මෙය බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසයි.

කළමනාකරණ අධ්‍යක්ෂධූරය සදහාද දූෂිතයෙක් පත් කර ඇතැයි ආනන්ද පාලිත චෝදනා කරයි. බංගලාදේශයේ ගෑස් සමාගමකින් සේවයෙන් පහ කළ අයෙක් කළමනාකරණ අධ්‍යක්ෂධූරය සදහා පත් කර තිබෙන බවද, තෙල් සංස්ථාවෙන් ලැබෙන ලක්ෂ පහක වැටුපට අමතරව කොලොන්නාව තොග ගඩබා පර්යන්තයෙන් රුපියල් දෙලක්ෂ පනස් එක්දහසක දීමනාවක් ලබාගන්නා බවද ඔහු සදහන් කළේය