ඊයේ අලුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පවසනවා.
එම දේපළ අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදී සොයාගැනීමට හැකිව තිබෙනවා.
අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.
බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1 පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අවසර ලබාගෙන කටයුතු කරන බව පොලීසිය පවසනවා.