ගම්පහ ඔස්මන් ඝාතනයට නියමිතව තිබී ඇත්තේ ‘සුප්‍රීම් ටී.වී.නාලිකා’ අවුරුදු උත්සවයේදී

පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කෙසෙල්බද්දර පත්මේ විසින් ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමට නියමිතව තිබී ඇත්තේ සුප්‍රීම් ටී.වී.නාලිකාව විසින් පැවැත්වූ අවුරුදු උත්සවයේදී බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සුප්‍රීම් ටී.වී. අවුරුදු උත්සවයේ අමුත්තෙක් ලෙස ඔස්මන් සහභාගී වීමට නියමිතව සිටියා.

එහිදී ගිනි අවි දෙකකින් දෙපැත්තේ සිට වෙඩි වරුසා එල්ල කර ඔහුව මරා දමන ලෙසයි හමුදා පුහුණුව ලැබූ වෙඩික්කරුවන්ට උපදෙස් දී තිබුණේ.