පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමේදී කිසිදු ප්‍රමාදයක් සිදු නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සිදුවන ආකාරය අනුව අදාල මොහොතේදී භාරදෙන බවද ඔහු සදහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේ ඇයිද යන්න මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්ණ කළ අතර එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව සදහන් කළේය.
“මේ ප්‍රකාශයේ කිසිදු වරදක් නෑ. එකිනෙක කරුණු හෙළිදරව්වෙමින් තිබෙවනවා. මේ කරුණු එළිදරව් වීමේ වේගය තීරණය වන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මත නෙවෙයි. විමර්ශන ක්‍රියාවලියට පහසුකම් සැපයීම ආණ්ඩුව කරනවා. රාජ්‍ය තාන්ත්‍රීක සහාය, වාර්තා ඉදිරිපත් කිරීම ආදී පහසුකම් සැපයීම තමයි ආණඩුවේ කාර්යය. ඒකට අදාල විමර්ශන කිරීම අදාල ආයතනවලට තියෙන්නේ” ඇමැතිවරයා සදහන් කළේය.