අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ නඩුව අද කැඳවනු ලැබුවා.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
CA/COC 01/2025 යන අංකය යටතේ මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ අතර නඩුව යළිත් පෙබරවාරි 7වන දින කැඳවීමට අධිකරණය අද දැනුම් දෙනු ලැබුවා.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටියා.