නෑබඩ සිසුවාගේ ‘සිරුර’ කටුපොල් වගා භූමියක

ඊයේ (05) ගංවතුරට හසුවීමෙන් අතුරුදන් වූ පාසල් සිසුවාගේ මෘත ශරීරය හමුවූ බව පොලීසිය පවසනවා.

මිය ගිය පාසල් සිසුවා අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

17 හැවිරිදි එම පාසල් සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා
භූමියක තිබී ඊයේ (05) උදෑසන හමුව තිබෙනවා.

මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.