වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරග බිමට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය හෙට (08) පැවැත්වීමට නියමිතයි.

ඒ බංග්ලාදේශ කණ්ඩායමත් සමගයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේයි.

මේ අතර හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසන්නේ පළමු තරගය අපේක්ෂිත මට්ටමට ළඟා නොවූ බවයි.

ඒ අනුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ම සාකච්ඡා කර ඉදිරියට කළ යුතු වෙනස්කම් කවරේ ද යන්න පිළිබඳ තීරණයක් ගත් බවත් ඔවුන් මානසිකව හොඳ තත්ත්වයක සිටින බවත් ඒ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පැවති අතර ඉන් තරග 11කම ජය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ශ්‍රී ලංකාව T20 තරගාවලියේ සහභාගී වූ පළමු තරගය පරාජයට පත්වීම හේතුවෙන් හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් වනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!