ජනිත්ගේ ශතකයෙන් ලංකාවේ ජාමෙ බේරෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු සියලු දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත්තා.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ සිය කුළුඳුල් ශතකය වාර්තා කළේ ශ්‍රී ලංකාව වැටී තිබූ අසීරු තත්ත්වයෙන් ගොඩ ගනිමින්.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් ද චරිත් අසලංක ලකුණු 37ක් ද ලබා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 3ක් ද, මුස්ටෆිසුර් රහ්මාන් කඩුලු 2ක් ද මෙහිදි හසන් මිරාජ් කඩුලු 2ක් ද දවා ගත්තා.

ඒ අනුව තරගාවලිය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට මෙම තරගයේ දී ලකුණු ..ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!