පාතාලයට පාස්පෝර්ට් හැදූ ආගමන විගමන නිලධාරින් 2ක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සෑදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ආගමන විගමන නිලධාරින් අත්අඩංගුවට ගැනුණේ, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකු වන හීනටියන මහේෂ් සහ මතුගම ශාන් යන අයට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සෑදීම සඳහා යොදාගෙන ඇති ජාතික හැඳුනුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර එකිනෙකට වෙනස් බව ද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!