ලකුණු 211ක් ඉදිරියේ සිට අද ශ්‍රී ලංකාව පිටියට

සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබාගත් අතර බංග්ලාදේශයට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.

ලකුණු 92ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල මේවන විට ලකුණු 211ක් ඉදිරියෙන් පසුවෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!