වැඩි වාසි ලංකාවට(Update)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය අත්හිටුවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

ඒ,ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 280ට පිළිතුරු ලෙසයි.

ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 102 බැගින් රැස් කළ අතර ඔවුන් 6වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක සබඳතාවක් පවත්වනු ලැබුවා.

………………………………………………………………………..

කමිඳු සහ ධනංජයගෙන් ශතක(Update)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

මෙම තරගය ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයයි.

නායක ධනංජය ද සිල්වා ද සිය 11 වැනි ටෙස්ට් ශතකය මෙහිදී වාර්තා කළා.

………………………………………………………….

කාසියේ වාසිය බංග්ලාදේශයට(Update)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (22) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.

බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.

…………………………………………………………….

පළමු ටෙස්ට් ගැටුම අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, සිල්හේට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

දෙරට අතර ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!