වියළි කාලගුණයේ තාවකාලික වෙනසක්

දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බවත් නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!