දඩ කෑ වනිඳුට පෑදුණු ලෝක කුසලාන වාසනාව

බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට තීරණය වී තිබෙනවා.

වනිඳු විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමනිසා මෙලෙස විනය නීති උල්ලංඝණයවී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ.

තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර ඇති අතර මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ තරග දෙකම ඒ අනුව ඔහුට අහිමිවනු ඇති.

වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් නොකළේ නම් ඔහුට ලෝක කුසලානයේදී පළමු තරග 4 ම අහිමිවීමට ඉඩ තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!