අපේ බාස්කට්බෝල් ක්‍රීඩකයන් ‘පළමුවරට’ ඉන්දුනීසියාව පරදයි

ආසියානු බාස්කට්බෝල් සංගමය සංවිධානය කරන ක්‍රීඩකයින් තිදෙනකුගේ කණ්ඩායම් අතර, ආසියා කුසලාන බාස්කට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල විසින් ඉන්දුනීසියානු කණ්ඩායම පරාජයට පත් කර තිබෙනවා.

මෑත කාලයේදී ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිලක් ඉන්දුනීසියාව පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

ලකුණු 21 – 14කින් ඉන්දුනීසියාව පරාජය කළ ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිලට රුක්ෂාන් අතපත්තු, ශිරෝමන් යෝගනාතන්, පවන් ගමගේ හා දසුන් ශානක ක්‍රීඩා කළා.

ඊයේ පස්වරුවේ මරියානා දූපත් පිල සමඟ තරගයෙන් ශ්‍රී ලංකා පිල 21-13ක් ලෙස ජයගත් අතර, අද උතුරුකොරියාවට එරෙහිව තරගය පැවැත්වෙනවා.

රටවල් 23ක් සහභාගීවන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු කොරියාව, උතුරු මරියානා දූපත හා ඉන්දුනීසියාව එම කාණ්ඩයේ අනෙක් රටවල්වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!