නිවාසාන්තර ක්‍රීඩා ගැන රජය තීරණයක් ගනී

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල කල් දමන ලෙස දන්වා වීදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම තරග අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස එමගින් දැනුම් දීමට නියමිතයි.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගෙන ඇති අතර පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!