කාටවත් නවත්වන බැහැ – මම දේවාලෙට එනවා!

‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා ජාතික පුවත්පතකට ප්වසා තිබෙනවා.

එම පුවත්පතට ඔහු පවසා ඇත්තේ, එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ, බස්නායක නිලමේට
කිසිදු හැකියාවක් නැති බවයි.

‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21) පියවර ගන්නවා’’ යැයිද ඔහු එම පුවත්පතට පවසා ඇති අතර, ‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද ඊට සඳහන් කර තිබුණා.

රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට පෙරේදා (18) සිට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ඔහුගේ සහායකයාට බස්නායක නිලමේවරයා විසින් ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!