තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වේ

ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේවනවිට කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් , ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද මිට පෙර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.

………………………………………………………

මරික්කාරුත් කෝප් කමිටුවෙන් යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී මට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දින දෙකක් තුළ කෝප් කමිටුවෙන් ඉවත් වූ සිව් වන සාමාජිකයා බවට මරික්කාර් මන්ත්‍රීවරයා පත් ව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!