කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් මුදල්

කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 615ක් ප්‍රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

එම ප්‍රදානය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඒ බව දැනුම් දී තිබුණේ, වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති හමුවක දීයි.

මෙම සංවර්ධන වැඩ පිළිවෙල යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර 30ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය දීම මෙහි අරමුණ බවත් මහකොමසාරිස්වරයා පැවසූ බවත් එම අමාත්‍යංශය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!