මෛත්‍රී එයි(Update)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේවන විට පැමිණ තිබෙනවා.

………………….

අද උදේම මෛත්‍රී රහස් පොලිසියට

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දන්නා බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතයි.

අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!