කිසිවෙකු නොදැවී ‘ලෝක කුසලානයට තවත් ලංවුණු’ චමරි සහ පිරිවර

කාන්තා 20යි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10.1ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා.

ලකුණු සටහන පහතින්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!