ලොකේෂන් කුඩු මල්ලී මාට්ටු

මිනුවන්ගොඩ හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අයෙකු ලෙස සැක කෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන තැනැත්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සඳහන් කර තිබුණේ, තමන් කළක පටන්මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකළ බවයි.

සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසර දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!