ඇල්ටෝ ධර්මෙගෙන් කුණු බැණුම් ඇසූ අගලවත්ත ඕ.අයි.සී ගැන පරීක්ෂණ

පාතාල ගනුදෙනුවකින් සම්බන්ධයෙන් අසභ්‍ය වචනින් බැණ වැදුණු පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වදිමින් කළ දුරකථන සංවාදයක්, යූටියුබ‍ය හරහා සංසරණය වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය අරඹා තිබෙනවා.

අදාළ වචන හුවමාරුව සිදුව ඇත්තේ, මෙම නිලධාරියා ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටිය දී පාතාලය සමග කළ මුදල් ගනුදෙනුවක් අරබයා බවයි ජාතික පුවත්පතක් වාර්තා කළේ.

තව ද එම පුවත්පත වාර්තා කළේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියෙකු විසින් මෙම නිලධාරියා ඩුබායිහි ඇල්ටෝ ධර්මේ සමග සබඳතා පවත්වමින්, මාස් පතා වැටුප් ලබන බවට වාර්තාවක් එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්ධු තෙන්නකෝන් මහතාට ද යොමුකර තිබූ බවයි.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා කළ විමර්ශනයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

එසේ තිබිය දී හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම නිලධාරියා යළි ​සේවයේ පිහිටුවා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කර තිබෙන බව එම පුවත්පත වාර්තා කරනවා.

මෙම නිලධාරියා පාතාලය සමග සමීප සබඳතා පවත්වමින් ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යළිත් විමර්ශනයක් භාර දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!