අදත් උණුසුම් කාලගුණයක්

අද (17) දිනයේ දී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා.

ඒ අනුව එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

තව ද කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් ද මඩකළපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් ද හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.

සුළං වේගය පැ.කි.මී. (15-30) පමණ වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු තත්ත්වයේ පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!