සිංහල අවුරුද්දට ගල් බෝතලේ අඩුවන ලකුණු

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, “මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.” යනුවෙන්.

මේ අතර පසුගිය දිනෙක දී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ද අදහස් දක්වමින් ඉල්ලා සිටියේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් සීල් අරක්කු බෝතලයක මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!