සපුගස්කන්ද ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ගලවන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.

ශ්‍රී ලංකාවේ එක ම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වසරේ දී ආරම්භ කළ අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදනය සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එමගින් සපයනු ලබනවා.

එම පිරිපහදුව යාවත්කාලීන් කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම සඳහා තීරණාත්මක ආයෝජනයල්ක් කිරීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ යෝජනාව කරමින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!