මනාපයෙන් පත්වන මන්ත්‍රීවරු ගණන 165ක් කරන්න කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය නීති සම්පාදනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

එම නිර්දේශයන්ට අනුව මහමැතිවරණයකින් පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 165 දෙනෙකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමටත්, ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා පත් කර ගැනීම සඳහා යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ හා බැඳන බවයි කැබින්ට් තීරණ දැනුම් දීමේ ලේඛණයේ සඳහන් වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!