කෝවිලේ පූජාවෙන් පාර්ලිමේන්තුව රත් වෙයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවක නිරත වුණා.

ඒ පසුගිය දා වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

අද (19) උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එම අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයේ විරෝධතාවය ආරම්භ කළා.

මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල වූ අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව දැනුම්දීමෙන් අනතුරුව විරෝධතාවය නතර කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!