වී ගොවියෙකුට හෙක්ටයාරයකට 15,000ක් දෙන්න කැබිනට් අනුමැතිය

එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිත වන පරිදි 2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුව ම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

තව ද 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායි මිලකට පොහොර අලෙවි කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!