පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට

වානිජ බැංකු විසින් ලබා දී ඇති ණය කලට වේලාවට නොගෙවන පුද්ගලයන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට අදාළ විධිවිධාන ඇතුළත්, බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(21) ඉදිරිපත් කෙරුණා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී නුදුරු දිනක පැවැත්වෙනු ඇති.

පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබුවේ, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.

කෙසේ වෙතත් ඊට අදාළ නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත වනතුරු දේපළ අත්පත් කර ගැනීම සහ වෙන්දේසි කිරීම දිගටම කරගෙන යන බව බැංකු නිලධාරීහු ඉකුත් දා පෙන්වා දුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!