අනතුරට පෙර නැවෙහි විදුලිය විසන්ධි වෙලා – අනතුර ගැන නොදත් තොරතුරු

කොළඹට එමින් තිබූ නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් හය දෙනෙකු අතුරුදන් වී ඇති අතර එම පුද්ගලයින් සෙවීම සඳහා කිමිදුම්කරුවන් විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම පුද්ගලයන් පාලමේ නඩත්තු කටයුතුවල නිරත පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අතුරුදන් වී ඇති පිරිස මියගොස් ඇති බවටයි දැනට සැකපළ කර ඇත්තේ.

අනතුරට පෙර නැවෙහි විදුලිය විසන්ධි වී ඇති අතර ඉන්දීය ජාතිකයින් 22ක් ඒවන විට නැවෙහි කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.

විදුලිය විසන්ධි වී සුළු වේලාවකින් නැවේ පාලනය ගිලිහී අනතුර සිදුව තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!