මත් පැන් මිල අඩුවීමේ කතාව ගැන නිවේදනයක්

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබෙනවා.

සුරාබදු කොමසාරිස් (ආදායම් මෙහෙයුම්) චන්න වීරක්කොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එවැනි සුරාබදු සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කොට හෝ එවැන්නක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් හෝ උපදෙස් ලබා දීමක් සිදු කර නොමැති බවයි.

ඒ අනුව සුරාබදු අනුපාතිකයන් පහළ හෙලීමෙන් මත්පැන් වර්ගවල මිල අඩුකිරීම සඳහා කටයුතු කරන බවට පැතිර යන පුවත සාවද්‍ය බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!