මාර්තු 17 වැනි දා උපන් අයට විශේෂ අවස්ථාවක්

එළැඹෙන මාර්තු 17 වැනි දා ට ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 28ක් සම්පූර්ණ වනවා.

ඒ හේතුවෙන්, මාර්තු 17 වැනිදා උපන් අය වෙනුවෙන් ආනන්ද නාලන්ද එක්දින තරඟය නැරඹීමට නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාදීමට 94 වැනි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

එසේ ම 1996 මාර්තු 17 වැනිදා උපතලැබූ⁣වන් එදින තරඟය නැරඹීමට පැමිණෙන්නේ නම් ඔවුන් නොමිලේ ලබාදෙන ප්‍රවේශපත්‍රවලට අමතරව තෝරාගත් පිරිසකට විශේෂ සමරු තිළිණ ලබාදීමට ද නියමිත බවයි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව පවසන්නේ.

1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග, රොෂාන් මහනාම‍, කුමාර් ධර්මසේන ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකු ම නියෝජනය කළේ, ආනන්ද හා නාලන්ද විදුහල්.

ආනන්ද නාලන්ද දෙවිදුහල් අතර පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරඟය කොළඹ එස්.එස්.සි පිටියේ දි පැවැත්වෙන්නේ ද මාර්තු 17 වැනිදා යි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!