ජේතවනේ පැලුම් ගැන විදුර සතියකින් වාර්තාවක් ඉල්ලයි

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසින් ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි සිදුව ඇති පිපිරීම් හෙවත් පැලුම් විවරයන් සම්බන්ධයෙන් අධ්‍යනය කොට සතියක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින්බලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ “පටිය ධාතුව” තැන්පත් කර ඇති, ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්ථූපය ලෙස සැලකෙන මෙහි පුපුරා යාම හතරැස් කොටුවේ සිට පහළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුල්වීම සහ වියලි කාලයට ප්‍රසාරණය වීමත් හේතුවෙන් මේ ස්ථූපයටද මිරිස වැටිය ස්ථූපයට මෙන් අනතුරක් විය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ.

කෙසේ නමුත් මෙම පැලුම් විවර වාර්තා වන්නේ 2019 වසරේ සිට වන බවත්, ඒවාට එම අවදියේ දී පිලියම් යෙදූ නමුත්, නැවත් වතාවක් එම පැලුම් මතු වී ඇති බවට මධ්‍ය සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසූ බව මාධ්‍ය වර්තාවන් ද පළ වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!