රා මදින්නන්ට සහතිකයක්

මෙරට පළමුවරට තල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් 1500කට ජාතික ආධුනිකත්ව මණ්ඩලය සහ තල් සංවර්ධන මණ්ඩලය විසින් ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් (NVQ 3) ලබා දී තිබෙනවා.

ඒ අනුව තල් රා කර්මාන්තයේ යෙදෙන උතුරු හා නැගෙනහිර පළාත්වල පුද්ගලයන් 1500කට විධිමත් පුහුණුවකින් පසු වෘත්තීය නිපුණතා සහතික (NVQ 3) පත්‍ර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගිය දා පිරිනැමීණ.

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කිළිනොච්චි යන ප්‍රදේශවල තල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් පිරිනැමිණ. ජීවිතාරක්ෂාව, අවදානම් කළමනාකරණය, වැනි අංශ සම්බන්ධව විශේෂ පුහුණුවක් ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දී තිබෙනවා.

එමෙන් ම තල් රා මදින පුද්ගලයන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම සදහා අවම පොලී මුදලක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය මුදලක් ප්‍රදානය කිරීමට ද රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධව වැඩ සටහනක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර පොල් හා කිතුල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට ජාතික වෘත්තීය නිපුණතා පුහුණුව ලබා දීමට අවශ්‍ය විෂය නිර්දේශ මේ වනවිටත් සකස් කර ඇතැයි ජාතික ආධුනිකත්ව මණ්ඩලය සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!