නාය යාම් අවධානම නිසා කොස්ලන්දේ පවුල් 244 ක් ඉවත් කරයි.

පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතිබව වාර්තා වේ .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් රක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා පැවසුවා.

කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

මෙම කඳවුරු වල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *