පොහොට්ටුව දෙළොවක් අතර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුනට අමාත්‍යධුර ලබා නොදෙන බැවින් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත යුතුබව එම පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් යෝජනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පොදුජන පෙරමුණේ අනාගත සර්ථකභාවය සඳහා එවැනි තීරණයක් ගෙන නාමල් රාජපක්ෂ විපක්ෂ කායක ධූරයට පත්කර ගතයුතු බව එම පිරිස පවසන බව වාර්තාවේ.

එහෙත් මේ අවස්තාවේ පොදුජන පෙරමුණ එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත ලෙසම පාර්ලිමේන්තුව විසුරවනු ඇතිබව තවත් පිරිසක් පෙන්වා දීම නිසා විපක්ෂයේ අසුන් ගැනීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතිබව වාර්තා වේ.

.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *