ආනන්දය හමුවේ නාලන්දාව පරදී – තර්ස්ටන් හමුවේ ඉසිපතනය පරදී

ආනන්ද-නාලන්ද 47 වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ආනන්ද විද්‍යාලය අද (17) සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්ද විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 228ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාල කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ජය හිමිකර ගත්තා.

මේ අතර කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවති 44වැනි සහෝදරයින්ගේ සටන ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (17) සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස්කළ අතර ඉසිපතන විද්‍යාලයට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!