මාරක අනතුරින් මියගිය සනත් නිශාන්ත ඩුබායි රාජ්‍යයේ? මෙන්න ඇත්ත නැත්ත

ඉකුත් දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු, “කවුද කියන්නේ සනත් නිශාන්ත මැරිලා කියලා” යනුවෙන් සඳහන් සඳහන් වීඩියෝව පිළිබඳ සත්‍ය තොරතුරු මේ වන විට අනාවරණය වි තිබෙනවා.

ස්වාධීන, සත්‍ය තොරතුරු විමර්ශනය ආයතනයක් විසින් සිය අධ්‍යනයකින් අනතුරුව සඳහන් කරන්නෙ, අදාළ වීඩියෝවට සමාජ මාධ්‍ය තුළ ලැබී තිබූ ප්‍රතිචාරවලින් බොහෝදෙනෙකු නොමග ගොස් ඇති බවට පෙනෙන්නට තිබෙන බවයි.

ඉකුත් ජනවාරි 25 වැනි දා අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකු වූ නිසා සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මතු වූ ආන්දෝලනාත්මක ප්‍රකාශවලින් අනතුරුව මෙවැනි වීඩියෝවැක් පළ වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වෙමින් තිබුණා.

ඒ අනුව අදාළ ආයතනය විසින්, සනත් නිශාන්ත මහතා මිය ගොස් නොමැති බවට හඟවමින්, ඔහුගේ හැඩරුවට සමාන රුව සහිත එම වීඩියෝව කුමක් ද, යන්න පරීක්ෂා කිරීම Reverse Image තාක්ෂණය සහිත යෙදුමක් ඔස්සේ සොයා බලා ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වෙසෙන බව ට දක්වා ඇති ක්‍රිශාන්ත ගිහාන් පෙරේරා නමැති ෆේස්බුක් ගිණුමකින් අදාළ වීඩියෝව පළ කර ඇති බවයි.

අනතුරුව එම ආයතනය එම ගිණුම හිමි තැනැත්තාගෙන් අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා තිබුණත් එම උත්සහයන් ව්‍යර්ත වී තිබුණා.

පසුව ඔහුගේ මිතුරෙකුගෙන් කරන ලද විමසුමක දී ඔහු එම ආය්තනයට සඳහන් කර තිබුණේ, එම වීඩියෝව ක්‍රිශාන්ත ගිහාන් පෙරේරා විසින් හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ලද්දක් බවත්, සනත් නිශාන්ත බවට දැක්වූ පුද්ගලයා වෙනත් ජාතියකට අයත් පුද්ගලයෙක් බවත්, මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය වර්ධන මධ්‍යස්ථානයක දී ලබා ගත් වීඩියෝවක් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!