මොස්කව් ප්‍රහාරය ගැන ‘ත්‍රස්තයෙක්ගෙන් ‘පාපොච්ඡාරණයක්

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රෝකස් නගරයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබූ රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පැය 12ක් ඉක්ම යන්නටත් පෙර සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂක අංශ සමත්වුණා.

ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 380ක් දුරින්වූ ප්‍රදේශයකදියි.

ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියෙකු ප්‍රහාරය සිදුකළ ආකාරය පාපෝච්චාරණය කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් මියගිය ප්‍රමාණය මේවන විට 143ක් බව NDTV වාර්තා කර ඇති අතර BBC වාර්තාකර ඇත්තේ 133ක් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!