පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.
තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි.
කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි.
මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති