වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් ඒ මහතා සඳහන් කරනවා.
එසේම මැතිවරණය ජයග්‍රහණය කිරීමට රට හරි මාර්ගයේ ගෙන ය යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බවයි.