චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දැක්විය.
අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්ද පාලන සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ වන බව ද වාර්තා වේ.
මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්වය යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400 කි. මෙම දුම්රිය නුදුරු අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, අදාළ ස්ථාන අතර ගමනාගමනය සඳහා ගත වන කාලය සම්පිණ්ඩනය කළ හැකි අතර, එමගින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි සුවපහසු බව ඉතා ඉහළ අතර, මැදිරිවල සේවා අවකාශය 4% කින් වැඩි වීමෙන්, විවිධාංගීකරණ, පහසුකම්, සහ ස්වයංක්‍රීය සේවාවන් ද මගීන්ට සැපයිය හැකිය.